ABOUT

Pramuka Law School

PRAMUKA LAW SCHOOL

ප්‍රමුඛ නීති පාසැල  Pramuka Law School

ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනයේ නූතන පරම්පරාවේ ප්‍රමුඛතම ආයතනය වන්නේ ප්‍රමූඛ නීති පාසලයි. සියළුම දේශන සහ අධ්‍යයන නිබන්ධනයන්හි උසස් තත්ත්වයක් පවත්වා ගෙන යන මෙම ආයතනය නීති විද්‍යල ප්‍රවේශය සහ විවෘත විශ්වවිද්‍යාල නීතිවේදී (එල්එල්බී) උපාධි ප්‍රවේශය යන විභාග ද්විත්වය සඳහා ප්‍රවේශ පාඨමාලා මෙහෙය වනු ලබයි. එක් එක් පාඨමාලා අදියරයන් අවසානයේ දී, ආදර්ශ විභාග හරහා පීඩනයක් යටතේ සීමිත කාල සීමාවක් තුළ ඔබ සතු පිළිතුරු ලිවීමේ වේගය සහ නිරවද්‍යතාවය පුහුණු කිරීම සඳහා අපි ඔබේ ධාරිතාව හා නිපුණතාවය තක්සේරු කරන්නට කටයුතු කරන්නෙමු.  

Pramuka Law School is the premier institute of modern generation for legal studies in Sri Lanka. Maintaining the superior quality of all the lectures and study materials, the institute conducts the Entrance Courses of Law for both Law college entrance and Open University Bachelor of Law (LL.B) degree entrance.  In the end of each course, we evaluate your capacity and competence through the  term exams in order to train your speed and accuracy of writing the answers within a limited period under pressure.  

 සෑම කෙනෙකුටම නීතියට ප්‍රවේශ වීමේ පහසුව තිබිය යුතුය. එබවින්, සෑම කෙනෙකුටම නීති අධ්‍යාපනයට ප්‍රවේශවීමේ පහසුව ද තිබිය යුතුය. මෙම තේමාව පදනම් කරගෙන ප්‍රමූඛ නීති විද්‍යාලය දිවයින පුරා සිය පියාපත් විහිදුවා ඇත. මේ වන විටත් අප බටහිර, මධ්‍යම සහ දකුණු පළාතේ පිහිටුවා ඇති ප්‍රධාන මධ්‍යස්ථාන තුනක සක්‍රීය ක්‍රියාත්මක වේ.  

Everybody should have the ease of access to law. Thus everybody should have the ease of access to legal education. Based on this theme, Pramuka Law School is widely spreading wings throughout the island. Up to now, we are located in the main three regions of the Island, Western province, Central province and Southern province.

ප්‍රමුඛ ජයග්‍රහණ  Our achievements    

වර්තමාන නීති වෘත්තියේ යෙදී සිටින තරුණ නීතිඥයින් රැසක් ප්‍රමුඛ නීති විද්‍යාලයේ සාඩම්බර නිෂ්පාදන වේ. සෑම වසරකම බොහෝ නීති ශිෂ්‍යයන් බිහි කරනු ලබන්නේ ප්‍රමුඛ නීති විද්‍යාලය විසිනි. අපගේ සිසුන් සමත්වීමේ අනුපාතය වසරින් වසර වර්ධනය වන අතර පසුගිය වසරේ එය 92.3% කි.

2019 දී අපි ශ්‍රී ලංකාවේ නීති විද්‍යාල විභාගයේ 1, 2 සහ 3 යන ප්‍රමුඛස්ථාන බිහි කළ ඇති අතර, 2019 වසරේ ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් කර ඇති සමස්ථ සිසුන් 650 න් 538 ක්ම ප්‍රමුඛ සිසුන් වේ.

A number of young lawyers in the current legal profession are proud products from Pramuka Law School. Every year most of the law students are produced by Pramuka Law School. Our pass rate has been growing rapidly and last year it was 92.3% . In 2019 we produced the island 1st , 2nd and 3rd  of Sri Lanka law college examination and 538 students out of the 650 total admitted to the law faculty of Open University of Sri Lanka from the LL.b entrance examination 2019.


අපගේ ජයග්‍රහණ කහවුරු කරන අසමසම සාක්ෂි

Our achievements are presented by the student records and the testimonials as shown below. 

https://www.pramukalawschool.com/winners